ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පශු සම්පත් සහ කෘෂි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උනන්දුවක් දක්වන කණ්ඩායම් (විදේශීය සහ දේශීය රැකියා සොයන්නන්) හා වාණිජ ගොවීන් සඳහා ඔවුන්ගේ නිපුණතා සහ දැනුම සංවර්ධනය කිරීම සදහා පුහුණු වැඩසටහන් ආරම්භ කරනු ඇත. පුහුණු පාඨමාලා NLDB හි පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු ලබන අතර ප්‍රායෝගික පුහුණු සැසි අනෙකුත් ගොවිපලවල පවත්වනු ලැබේ. එක් එක් පාඨමාලාව සඳහා උපරිම වශයෙන් 35-40 අතර පිරිසකට සහභාගී විය හැක.
මෙම පාඨමාලාව හැදෑරීමට කැමති සියලුම දෙනාට මේ සදහා ඉල්ලුම් කළ හැක.
මේ සදහා අයදුම් කිරීම සදහා අයදුම්කරුවන් විසින් නිසි පරිදි පුරවන ලද අයදුම්පත් "සහාකාර සාමාන්‍යාධිකාරී" (මානව සම්පත් සහ පාලන), ජාතික පශු සම්පත් මණ්ඩලය, අංක: 40, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05. / ජාතික පශු සම්පත් මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන භාර කළමනාකරු වෙත එවිය හැක.